November 13, 2013

Adf.ly මගින් මුදල් උපයමු ....


ආයුබෝවන් යාලුවනේ...!!!
                                                 කොහොමද ඉතින් ඔයාලට?අද මම ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි කියන්න බලාපොරොත්තු වෙන්නේ.ඒ තමයි adf.ly අඩවිය මගින් මුදල් ඉපයීම.මේගැන දැනටමත් දන්න අයත් ඇති.මට දැනට හම්බවුන Emoney ක්‍රම අතරින් අපිට පහසුම ක්‍රමයක් තමයි මේක.මේ ක්‍රමය ගොඩක්ම වටින්නේ blog අඩවියක් හෝ web අඩවියක් පවත්වාගෙන යන යාළුවන්ට තමයි.අනංමනං කතා නැතුව මං ඔයාලට කියන්නම්කෝ මොකක්ද මේ adf.ly කියන්නේ, කොහොමද ඒකෙන් මුදල් උපයන්නේ කියල....

ඇත්තටම මොකක්ද මේ Adf.ly කියන්නේ?

                             ඇත්තටම adf.ly කියන්නේ ඇඩ් Site එකක්.නමුත් මේ Site එකේ තියෙන විශේෂත්වය නම් අපිට දිනපතා ඇඩ් Click කිරීමක් සිදු කිරීමට නොමැති වීමයි.ඇත්තටම මේ අඩවිය මගින් සිදුකරන්නේ අප සතු දිග link කෙටිකර දී ඒ link හරහා පැමිණෙන්නන්ට ඇඩ් පෙන්වීමයි.ඒ කියන්නේ අප සතුව ඇති දිගු web ලිපිනයන් සමාජජාල web අඩවිවල පහසුවෙන් Share කිරීමට හැකි වන අයුරින් කෙටිකර ලබා දීමයි.පසුව එම කෙටි link Click කර ඒ හරහා පැමිණෙන්නන්ට මේ adf.ly අඩවිය මගින් බලෙන්ම ඇඩ් පෙන්වීමක් සිදුකරනවා. තත්පර 5ක් වැනි සුළු කාලයක් මේ ඇඩ් දර්ශනය වන අතර පසුව ඔවුන්ව නියම web ලිපිනයන් වෙත සම්බන්ද කරනවා.මා කලින් කි ලෙස මේ අඩවිය මගින් වැඩි වාසි ලබාගත හැකි වන්නේ web හෝ blog අඩවි පවත්වාගෙන යන අයටයි.ඒ මොකද web හෝ blog අඩවියක් මගින් adf.ly link හරහා visitors ල ගෙන්වා ගැනීම වඩා පහසු වන නිසයි.

එහෙනම් දැන් අපි බලමු කොහොමද adf.ly වල ලියාපදිංචි වන්නේ කියල...

මුලින්ම පහත Banner එක Click කරලා adf.ly Site එකට යන්නකෝ...



ඉන්පසුව ලැබෙන පිටුවේ ඇති  කියන Button එක Click කරන්න.එවිට ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබෙයි.(රුපය අපැහැදිලිනම් රුපය උඩ click කරන්න)


මෙහි ඇති සියලු විස්තර පුරවා Join යන්න Click කරන්න.( account type එකට Link Shrinker යන්න තෝරන්න. )ඉන්පසු ඔබ ලබා දුන් email ලිපිනයට ඔවුන් විසින් Confirmation Code එකක් ලබා දෙයි.එහි ඇති link එක Click කල විට ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබෙයි.(රුපය අපැහැදිලිනම් රුපය උඩ click කරන්න)


එහි ඇති කොටුව තුල ඔබට ලැබුණු Confirmation Key එක ඇතුල් කර Confirm Registration යන්න click කරන්න.දැන් ඔබේ ලියාපදිංචිය අවසන් වේ.දැන් ඔබේ adf.ly ගිණුමට log වී Account යන්න Click කර එහි ඇති සියලු විස්තර පුරවන්න.එවිට ඔබගේ ලියාපදිංචිය සම්පුර්ණ වේ...

දැන් අපි බලමු කොහොමද adf.ly මගින් අපේ link කෙටි කරගන්නේ කොහොමද කියල.පළමුව ඔයාලගේ adf.ly ගිණුමට log වන්න.එවිට ඔයාලට පහත ආකාරයේ පිටුවක් ලැබෙයි.(රුපය අපැහැදිලිනම් රුපය උඩ click කරන්න)

මෙහි දක්වා ඇති ආකාරයට ඔබට කෙටි කර ගැනීමට අවශ්‍ය link එක ඇතුල් කර Shrink යන්න click කරන්න.එවිට පහත ආකාරයේ පිටුවකින් ඔබට කෙටි කරගත් link එක ලැබේ...(රුපය අපැහැදිලිනම් රුපය උඩ click කරන්න)



දැන් මෙහි ඇති Copy යන්න Click කර ඔබ කෙටිකරගත් link එක ඔබට copy කරගැනීමට හැක.

දැන් මෙම කෙටිකරගත් link එක facebook , twitter වැනි සමාජජාල web අඩවි වල පල කර එම link එක හරහා visitors ල ගෙන්වාගෙන ඔබටත් මුදල් ඉපයිය හැකිය.

මෙම adf.ly අඩවිය මගින් අපට ඕනෑම ආකාරයක link එකක් කෙටි කර ගැනීමට හැකියාව තියෙනවා.එසේම මෙම අඩවිය මගින් කෙටි කරගත් link හරහා United States, United Kingdom, Canada, Australia වැනි රටවල අය ගෙන්වා ගන්න පුලුවන්නම් අපට ඉතා විශාල අදායමක් උපයාගැනීමට හැකියාව තියෙනවා.ඒ කියන්නේ ඒ වගේ රටවල අය අපේ link click කලොත් අපිට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩියි.පහල Button එක Click කර එක් එක් රටවලට ගෙවන මුදල් ප්‍රමාණය ඔබට දැනගත හැක.

http://adf.ly/rates.php

adf.ly මගින් ඔයාල උපයන මුදල් paypal , payoneer ගිණුම් මගින් ලබාගත හැකි අතර එමගින් සෑම මාසයකටම සැරයක් මුදල් withdrow කිරීමේ හැකියාව තිබෙනවා.withdrow කිරීමේ ක්‍රියාවලිය  ස්වයංක්‍රියව සිදුවන අතර ඔබ paypal මගින් withdrow කරන්නේනම් ගිණුමේ $5 ක් වූ විටද payoneer මගින් withdrow කරන්නේනම් ගිණුමේ ශේෂය $10 ක් වූ විටද නියමිත දිනට ස්වයංක්‍රියව අදාල ගිණුමට මුදල් බැර වීම සිදු වෙනවා....

එහෙනම් යාලුවනේ ඔයාලටත් දැන් adf.ly වල ලියාපදිංචි වෙලා මුදල් උපයන්න පුළුවන්. ඔයාලට මේ ලිපිය වැදගත් වෙන්න ඇති කියල මම හිතනවා.ළඟදීම මම ඔයාලට මේ adf.ly අදායම වැඩිකරගන්න හැටි ගැන ලිපියකුත් දාන්නම්කො....

ඔයාලට මොකක් හරි ගැටළුවක් තියෙනවනම් පහල Comment එකකින් දාල යන්න.ඒ වගේම බ්ලොග් එක ගැන ඔයාලගෙ අදහස් එහෙමත් ලියල යන්න අමතක කරන්න එපා හොඳේ.....

ඔයාලට සුභපැතුම්.......





November 8, 2013

Z Score Cut Off Marks 2012/2013


ආයුබෝවන් යාලුවනේ...!!!
                                            2012/2013 විශ්වවිද්‍යාල වලට ඇතුලත් කිරීම සඳහා අවශ්‍ය අවම ඉසෙඩ් ලකුණු ප්‍රමාණයන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අද (08) නිකුත් කර ඇත.දුරකථන ඇමතුමකින් හෝ කෙටි පණිවුඩයක්  (SMS) මාර්ගයෙන් තමන් තේරී ඇති පාඨමාලාව ගැන දැන ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් මෙවර මුල් වරට පහසුකම් සලසා ඇත.

www.admission.ugc.ac.lk 
www.ugc.ac.lk

යන වෙබ්අඩවි වලටද මෙම ඉසෙඩ් ලකුණු ප්‍රමාණයන් ඇතුලත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අතිරේක ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා පවසයි.එමෙන්ම හෙට සිට (09) රාජ්‍ය සේවා තොරතුරු කේන්ද්‍රයේ 1919 අංකයට ඇමතීමෙන් හෝ එම අංකයට (1919) ඕනෑම ජංගම දුරකතනයකින් කෙටි පණිවුඩයක් යැවීමෙන් අදාල පාඨමාලාවන් සඳහා අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණයන් දැනගත හැකි බවද තවදුරටත් එම මහතා පැවසීය.

කෙටි පණිවුඩය යැවියයුතු ආකාරය වන්නේ  UGC (හිස්තැනක්) විභාග අංකය සඳහන්කර 1919 අංකයට "SEND" කිරීමයි.

මීට අමතරව විශ්වවිද්‍යාලප්‍රතිපාදනකොමිෂන් සභාවේ 0112695301 , 0112695302 , 0112692357 , 0112678731 යන දුරකථන අංකවලට ඇමතිමෙන්ද අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.


පහල Button Click කර කඩඉම් ලකුණු සහිත pdf ගොනුව ඔබට ලබාගත හැක...


පැරණි විෂය නිර්දේශය


http://adf.ly/Z0SAH

නව විෂය නිර්දේශය

http://adf.ly/Z0SXN

පැරණි විෂය නිර්දේශය - සිංහල සංස්කරණය

http://adf.ly/Z0SiN

නව විෂය නිර්දේශය - සිංහල සංස්කරණය

http://adf.ly/Z0n5v



මේ පිළිබඳව වැඩි විස්තර පහල Button එක Click කර ලබා ගත හැක.

http://adf.ly/Z0Sxa


 ඔයාලට සුභපැතුම් ........